වෛද්‍ය උපදෙස් නොතකා ට්‍රම්ප් ආපසු ධවල මන්දිරයේ
>කොවිඩ් 19 වයිරස ආසාදිතයකු යැයි තහවුරු වීමෙන් පසු තෙදිනක් වෝල්ටර් රිඩ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇමෙරිකන් ජනාධිපතිට ඩොනල්ඩ් ට්‍රම්ප්, වයිරසය සුවවීමට පෙර, ඊයේ (6) යළි ධවල මන්දිරය බලා පැමිණියේය. මේරිලන්ඩ් පිහිටි හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ සිට ට්‍රම්ප්, යළි ධවල මන්දිරයට පැමිණියේ සිය 'මැරින් 1' නිල හෙලිකොප්ටරයෙනි. ට්‍රම්ප් වෛද්‍ය මධ්‍යස්ථානය බලා ගියේ ද මෙම හෙලිකොප්ටරයෙනි. වොෂින්ටන් අගනුවර පිහිටි ධවල මන්දිරයේ සිට වෝල්ටර් රිඩ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයට ඇත්තේ කිලෝ මීටර් 8.6 ක දුරකි. ජනපති ට්‍රම්ප් පිටවී ඇත්තේ තමන් ලබා දෙන උපදෙස් සැලකිල්ලට තොගෙන යැයි වෝල්ටර් රිඩ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරු පෙන්වා දුන්හ. ට්‍රම්ප් තවමත් කොරෝනා ආසාදිතයකු බවත්, ඔහුගේ අනෙක් අයට වයිරසය ආසාදනය වීමේ දැඩි අවදානමක් පවතින බවත් රෝහලේ වෛද්‍යවරු අනතුරු ඇඟවීමක් ද කළහ. Read More>>
0 Response to "වෛද්‍ය උපදෙස් නොතකා ට්‍රම්ප් ආපසු ධවල මන්දිරයේ"
Post a Comment