බියගම, මාකොළ බැංකු නිළධාරිනියකට ව්‍යාපාරිකයකුට කොරෝනා


බියගම, මාකොළ දකුණ ප්‍රදේශයේ පදිංචි බැංකු නිලධාරිනියක සහ ව්‍යාපාරිකයකු ඊයේ (15) කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් බවට තහවුරු වූ බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් පෙරේරා මහතා පැවසීය.  කොළඹ මරදාන ප්‍රදේශයේ වාණිජ බැංකුවක නිලධාරිනියක වන වයස අවුරුදු 33 ක කාත්තාවකට
සහ මාකොල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන අවුරුදු 49 ක පුද්ගලයකුට මෙසේ කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇත. 

මෙම පිරිමි පුද්ගලයා නඩු කටයුත්තක් සඳහා පසුගිය දිනක මිනුවන්ගොඩ ප්‍රදේශයේ නීතිඥවරයකු මුණගැසී ඇති අතර, පසුව එම නීතිඥවරයාට කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ බවට වාර්තතා වීමෙන් අනතුරුව මෙම පුද්ගලයා  ස්වයං නිරෝධායනයට ලක්කර පසුව කළ පී. සී. ආර්. පරික්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත. මෙම දෙපලගේ ආශ්‍රිතයින් 15 දෙනකු ද ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.


-සුදත් පුබුදු කිර්ති-

Hot News Lanka Gossip Lanka News Sri Lanka Breaking News Sri Lanka News
Join the conversation
Post a Comment
Top comments
Newest first
Table of Contents
Link copied successfully.